Pipunada Dura Atha (Feat. D Rulz)

Pipunada Dura Atha (Feat. D Rulz)

D Rulz

Альбом: Pipunada Dura Atha
Длительность: 4:25
Год: 2021
Скачать MP3

Текст песни

පිපුණාද දුර ඈත
මම හොයනවා තනි රෑක
නුඹ ගෙන දුන් තරු හීන
මම හොයනවා ඔබ තවම

රන්සලු ඇදගෙන නුඹ එන මාවත
වසන්තය වගේ හරිම හැඩයි
නිල්වන් පාටට පීදෙන මීදුම
ගෙන එන්නේ ඔබේ මල් සුවදයි

ආ.
එක හිතයි තිබේ තිතක් තියා නුඹත් ගියා
මතක් කර ගන්න බැරි හීන ළඟ හුඟක් තියා
දෑතින් දෑත අල්ලගන්න හරි දුරක් තියා
ඔබෙයි මගෙයි ඈත් වීම තේරුම්ගියේ දුකක් කියා
මේ ආදරේ වේදනාව ඔහොම නම් කියාගන්න බැරි දේවල් කියාගන්නේ කොහොම මං
දුන්නු පෙම් රස වරදයි ඉතිම් කොහොමමත්
සංසාරේ අපෙ දෛවේ නවතින් නෑ කොහොමවත්
දුක එක්ක සතුටේ වේදනාව වින්දා මං නුඹ නැති මේ ජීවිතේ හොයාගන්නේ කිම්ද මං
සොයා එන්නම් තුන් ලෝක තලයේ කිමිද මං
හිස හැරුනු අතේ මං බලන් ගියේ විවිධ මං
නුඹයි මගේ ජීවිතේ තියෙන්නේ එපමණයි තාමත් මතකයි හැගීම් වපුරන්නේ එතන මයි
මිය ගියේ ඔබ නෙවෙයි මගෙ හදවතයි පාලු දිවි කතරක ගෙවී යන්නේ අසරණයි

අර නිල් පාටට පේන
නුඹ තමයි ඒ තනි තරුව
පරවුන මගෙ මේ පපුව
හොයනවා නුඹේ රන්සලුව

රූසිරි වරුණා රුව ඔබගේ
නෑ කවදාවත් මම දුටුවේ
ඉන්නට පැතුවත් නුඹේ තුරුලේ
ආයෙත් නම් නෑ නුඹ එන්නේ

ඔයා එක්ක මං ගොඩක් දුර පහුකරා කොහෙද ඔයා හොයනවා මම අද තනිවෙලා
අපි දෙන්නගෙ කතාව නිමවෙලා හිනැහිලා ඉන්නේ ඔයා ගොඩක් තරු පිරිවරා
ඔයා එක්ක මම මවපු ලෝකු හීන
රෑ හීනෙන් නුඹේ රුව පේන
අපෙ මතක මට කදුලක් ගේන පියඹලා එන්න ඇතිවෙලා මට මේක
තනිවෙලා ම ඉන්නම් නුඹ දිහා බලාගෙන දුක් වෙන්නම්
අල්ලගනිද්දි ආයෙත් යයිනම් කරන්න දෙයක් නෑ මම ඉවසන්නම්

පිපුණාද දුර ඈත
මම හොයනවා තනි රෑක
නුඹ ගෙන දුන් තරු හීන
මම හොයනවා ඔබ තවම

රන්සලු ඇදගෙන නුඹ එන මාවත
වසන්තය වගේ හරිම හැඩයි
නිල්වන් පාටට පීදෙන මීදුම
ගෙන එන්නේ ඔබේ මල් සුවදයි