Pandama

Pandama

Dhanith Sri

Альбом: Pandama
Длительность: 3:06
Год: 2018
Скачать MP3

Текст песни

පන්දම රැගෙන යන්න එන්න මා හදවතට
නෙතු දැහැන් බිඳිනා රන් සලුව ඇඳ
ලියතඹර ලෙලවා හද මඬල යට
දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර

මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී
රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ
හදවත පතුලේ යකු බෙර වැයුනේ
තම්දෙන තානේනේ නා
අනේ මගේ යකුනේ නටපන් හනිකේ
තම්දෙන තානේනේ තානේනේ තානානේ

තම්දෙන තානේනේ නා

ඉණ වට බැන්දා වූ මුතු පොට සැලෙනකොට
පන්දම දැවෙනවා හද ගිනි ලවාගෙන
වැහි කළුව එනවා නුඹ නැති දාට
සිත් අහසම පුරවා අන්ධකාරෙක

මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී
රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ
මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී
රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ

හදවත පතුලේ යකු බෙර වැයුනේ
තම්දෙන තානේනේ නා
අනේ මගේ යකුනේ නටපන් හනිකේ
තම්දෙන තානේනේ තානේනේ තානානේ