Piyamanne-Siyumali
Jayasri
සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ තනිවන විට මා සමඟින් ඉඟි කර අදි මදි කරමින් තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේ රන් තරු වටකර පායන සඳ ඇඳි සෙවනැලි සිතුවම් රෑ සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ අඩවන් වූ දෙනෙතින් ඔබ බැලු කල මගෙ සිත ඉවසුම් නෑ කුමරියෙ ඇයි ඔබ තනිවම සුසුමන් පෑ කුමරියෙ ඔබ අද මා ළඟ නෑ සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ තනිවන විට මා සමඟින් ඉඟි කර අදි මදි කරමින් තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේ ගං තෙර ළඟ බට පඳුරේ සිරි සිරි හඬ මට සිහිලැල් පෑ කුලුඳුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ පාසල් යන ඔබ මාවත සිහිවන විට මට ඉවසුම් නෑ මගෙ සිත තනිවම දොඩවයි සමඟින් ඈ කුමරියෙ ඔබ අද මා ළඟ නෑ සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ තනිවන විට මා සමඟින් ඉඟි කර අදි මදි කරමින් තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේ සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ තනිවන විට මා සමඟින් ඉඟි කර අදි මදි කරමින් තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේ