Mohothaka Suwa Dena
Priya Suriyasena
4:23ආපසු එනවා මගේ හිත ඉබි ගමනින් ඔබ ඈතක රඳවා කාට කියම්දෝ කෙලෙස කියන්නද මං අප සිත් හඬන තරම් අප සිත් හඬන තරම් ඔබ නැවතුන තැන මගේ හිත ඔබෙ ළඟ වෙනතක නැතේ ලැගුම් // කවුරු කියන්නද කෙලෙස පතන්නද අද මා හෙලන සුසුම් ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්... ඉහට වහල සේ තරු පිරි අහසේ නිවහන වූ පොළවයි // හමුවූ තැන් වල ගස් වැල් වැළපෙයි නොහඬමු ඔබයි මමයි ආපසු එනවා මගේ හිත ඉබි ගමනින් ඔබ ඈතක රඳවා කාට කියම්දෝ කෙලෙස කියන්නද මං අප සිත් හඬන තරම් අප සිත් හඬන තරම් අප සිත් හඬන තරම් අප සිත් හඬන තරම්