Hitha Honda Mithura (Feat. Kisara Randeniya)
Pvg
3:20කට්ටිය එන්න පෝලිමේ දේවරූඩයෙන් රැප් ලියා දෙනු ඇත ආනිසංස බලන් නෙමෙයි පිං කලේ මගේ කැල දන්කුඩේ තිබ්බ රස බත් පතේ තිබ්බ වස මං නසල ගද්දි දැනෙනවා මදහස බලයි පෙරල සද මඩල හිරු කිරණ ගන්නම් කරකාලා රැප විසබීජ හරණ මිතුරා මම පරම කියයි ළගදී කරුම අපේ වදන් වටී දවසක වුණත් අපි පරණ කිව්වට නිදහස් වෙලා කියලා තාමත් යටත් විජිත මයි රැපින් ගෙටර් බිගර් ලයික් පිංපොන් ටු රජිත යම් කිසි ගානකට තියාගත්ත වදන් මොනව උනත් දෙසීයවිසිපහකට සැප දෙන්න අපි විදින දුකක් කියලත් තවත් දෙක පුන පුනා කිව්වා මම කොපි කරත් හොමි මාව කරන්න බෑ සම තාඩන පීඩන මැද්දෙන් බාධක බලෙන් වෙන්න බෑ කාගෙවත් ආසම දේවාරූඪෙන් දේවාරූඪෙන් දෙවියන් අභියස ගැලවෙන්න පාපෙන් කය මිස සිත නැති බඹ ලෝකෙන් දේවාරූඪෙන් යැදපන් දෙවියන් අහසේ හිරු සදු යාවෙන් ඉන්න ආසයි මං දේවාරූඪෙන් භාගෙට භාගයක් දොස්තරලා හින්දා රෝග වැලදුණු මුන්ට ආසම රැප දැම්මට පස්සේ දාන්නේ හීනලු මැකිලා යනවා අකලට උබලගේ වැස්සේ සලකුණු අපිව ඇහිලා දෙවනි පාරත් ගැස්සේ සොහෙනේ මලකුණු මාතලි අරන් එන්න රථේ මාර සිද්ධි වෙන්නේ රටේ විස්තර තියේ මගේ රැපේ පංචසික ගැහුවා වගේ වීණා වාදනේ තත බිදිලා නෑ මගේ බස අයිසින් දාපු වචන පාංශු කාදනේ උඹේ පස මං කියන වචනයක් ගානේ අහන්නේ බොලා කුතු හලෙන් එන්න ඕනෙ තනියමයි තමා වැටිච්ච වලෙන් කියලා තිබේ මම බොහෝ දේවල් මිනිස්සු මැයෙන් වග කිව යුත්තන් මෙහි ලොවක් හිනැස්සු දැයෙන් මගේ ඇතැම් වදන් ගැලපිල්ල සාහසික ජාතිය ඇමතීම මං නෛතිකව දෙයියෝ කියන හැමෝම ඕපපාතිකද සමයි අනුලෝම සාමානුපාතිකව දේවාරූඪෙන් දේවාරූඪෙන් දෙවියන් අභියස ගැලවෙන්න පාපෙන් කය මිස සිත නැති බඹ ලෝකෙන් දේවාරූඪෙන් යැදපන් දෙවියන් අහසේ හිරු සදු යාවෙන් ඉන්න ආසයි මං දේවාරූඪෙන්