Oba Tharam
Radeesh Vandebona
3:30අනුරාගිනී දෑසේ වෙළී උන් කාලේ ගත වී ගිහින් ළං වී ඇගේ තුරුලේ වෙලී මැව් හීනේ බොඳවී ගිහින් වෙන් වී... වෙන් වී... මා ගාව නෑ ඈ රැදී දුක දීලා පිටුපා ගිහින්නේ දුක දීලා පිටුපා ගිහින්නේ ඈ නීල දෑසේ මා සෙව්ව සිහිනේ කවදාක ආයේ හමුවෙන්නේ නෑනේ කඳුලක් වුණාදෝ සුසුමක් වුණාදෝ මගේ හීනේ සඳ රාජිණි ළං වී... ළං වී... මා ගාව දැන් නෑ රැදී දුක දීලා පිටුපා ගිහින්නේ දුක දීලා පිටුපා ගිහින්නේ රෑ සිත යාමේ ඈ මා ළඟින් දැවටීලා පෑවේ ආදර හැඟුම් වරදක් වෙලාදෝ තරහා වෙලාදෝ මගේ හීනේ සඳ මාලිනී ළං වී... ළං වී... මා ගාව දැන් නෑ රැදී දුක දීලා පිටුපා ගිහින්නේ දුක දීලා පිටුපා ගිහින්නේ අනුරාගිනී දෑසේ වෙළී උන් කාලේ ගත වී ගිහින් ළං වී ඇගේ තුරුලේ වෙලී මැව් හීනේ බොඳවී ගිහින් වෙන් වී... වෙන් වී... මා ගාව නෑ ඈ රැදී දුක දීලා පිටුපා ගිහින්නේ දුක දීලා පිටුපා ගිහින්නේ