Hindivi Kothenaka Ho (Feat. Sunil Edirisinghe)
Rohana Weerasinghe
3:39රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ පස් පිඬක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තියේ ළෙහි හොවා වැඩු සිය පුතුන් අත අවි දරා වැද රණ මතින් පෑ විකුම් මැද දෑ බැතින් හිස අත් මුදුන් දෙති පියවරුන් මව් බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන් තුන් හෙළේ හැම මව්වරුන් ළය කිරි එරී ඇත උන් නමින් රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ මවු කුසින් නොව මිහි කුසින් සිරිලක උපන් විරු දරුවනේ අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ නෑ සියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ හදවතින් අපි යුද බිමේ ඔබ තනි කළේ නැත කිසි දිනේ හදවතින් අපි යුද බිමේ ඔබ තනි කළේ නැත කිසි දිනේ හදවතින් අපි යුද බිමේ ඔබ තනි කළේ නැත කිසි දිනේ හදවතින් අපි යුද බිමේ ඔබ තනි කළේ නැත කිසි දිනේ