Eda Wage Adath

Eda Wage Adath

Somathilaka Jayamaha

Альбом: Oba Malak Wela
Длительность: 3:52
Год: 2007
Скачать MP3

Текст песни

එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියෙනවා
නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා

දුක පිරුණු මගේ හිත නුඹ හොඳට දන්නවා
හිත හදපු නුඹේ හඬ මගේ සවන් සොයනවා
නුඹ නිසා පැමිනි දුක් පැනි රසයි සිතෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා

අනාගත වාලුකා කතර මැද තනි වෙලා
කෙසේ පා ඔසවමි ද සා පවස විඳ දරා
පුරපසෙක නොවී නුඹ අවපසෙක සඳ උනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා

එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියෙනවා
නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා