Bamuna Unath (Feat. Gunadasa Kapuge)

Bamuna Unath (Feat. Gunadasa Kapuge)

Sunil Ariyaratne

Длительность: 4:24
Год: 1994
Скачать MP3

Текст песни

බමුණා වුනත් දුදනෙකු නම් බිම හොවනු
සැඩොලා වුනත් සුදනෙකු නම් පුටුව දෙනු
හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනු

බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳ පුදනු
දෑගොත් කුල නුදුටු උන් බණ පිළි පදිනු
වැදි බණ මැදින් මුණි බණ තෝරා අසනු
වැදි බණ දෙසන සඟ ඝන උව පිටු දකිනු

සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු
පාවා දෙන එවුන් මූනට කෙල ගසනු
කසයෙන් තලා හිස පලඳා කටු ඔටුනූ
ජනයා අභිමුවේ උන් නිරුවත් කරනූ

රජකුගෙ වුවත් වරදට කෑ මොර ගසනු
මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනු
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනු
වරදට කිපෙනු සටනට වැද ජය ලබනු