Sulan Kapolle
Nanda Malini
3:40යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන් ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන් අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම් කුමට එරට අධිකරනය - නීතිය සහ විනිසුරන්. කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන් පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන් රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන් එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්. යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන් ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන් අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම් කුමට එරට අධිකරනය - නීතිය සහ විනිසුරන්. ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන් කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මල මගෙ පුතුන් කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන් කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම් යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන් ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන් අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම් කුමට එරට අධිකරනය - නීතිය සහ විනිසුරන්.