Puthune

Puthune

Chamara Weerasinghe

Альбом: Puthune
Длительность: 4:59
Год: 2003
Скачать MP3

Текст песни

පුතුනේ...
නුඹට තැලුවේ නුඹ හදන්නට
හිතුණේ...
ඇයි ගෙදරින් පැන හිඳින්නට

රිදුණේ...
නුඹට නොවෙයි මටමයි විඳගන්නට
පුතුනේ...
ගෙදර එනව ද දොර වහන්නට

තැලූවා තමයි මට ආ සුළු කේන්තියෙන්
හැඬුවා මමත් නුඹ නැති මේ කාන්සියෙන්
කිව්වා කියයි අම්මා බැලූ සාස්තරෙන්
පුතු නා ඉන්නවලු තවමත් හරි කේන්තියෙන්

පුතුනේ...
නුඹට තැලුවේ නුඹ හදන්නට
හිතුණේ...
ඇයි ගෙදරින් පැන හිඳින්නට

රිදුණේ...
නුඹට නොවෙයි මටමයි විඳගන්නට
පුතුනේ...
ගෙදර එනව ද දොර වහන්නට

මම නේ තැලුවේ මම වැරදියි සිතනවා නම්
එන්නේ නැත්තේ මා හන්දයි කියනවා නම්
පිටවී යන්න මට පුළුවන් ඕනා තරම්
පුතුනේ අනේ නුඹ ආපහු ගෙදර එනවා නම්

පුතුනේ...
නුඹට තැලුවේ නුඹ හදන්නට
හිතුණේ...
ඇයි ගෙදරින් පැන හිඳින්නට

රිදුණේ...
නුඹට නොවෙයි මටමයි විඳගන්නට
පුතුනේ...
ගෙදර එනව ද දොර වහන්නට