Mal Mitak (Feat. Indrachapa Liyanage, Niranjala Manjari, Nadeeka Jayawardena & Nadeeka Guruge)
Kasun Kalhara
නුහුරුය මට ඔබ නැති මේ කාලේ දෙතැනක ඉඳ මුමුණමු අපෙ ආලේ දෙමසක් යන්න එනවා ගෙවී යලි හමුවෙන්නෙ කෙදිනද අපි ඔබ විමසූ වෙලේ දෙනුවන් තෙත් වුනේ එනවා මතු දිනේ ඔබමයි ජීවිතේ මා ආදරේ මා ආදරේ ළඟ හිඳ සිප සනසන්නට බෑනේ හද නළවන ඔබෙ උණුහුම ඕනේ මගෙ හද ඔබම සොයනා හැටී අපි ඇයි මෙහෙම අපගෙන් මිදී දෙමසත් යන්න එනවා ගෙවී යලි හමුවෙන්නෙ කෙදිනද අපි ඔබ විමසූ වෙලේ දෙනුවන් තෙත් වුනේ එනවා මතු දිනේ ඔබමයි ජීවිතේ මා ආදරේ මා ආදරේ මා ආදරේ