Piyumehi Pani Bothi

Piyumehi Pani Bothi

Priyantha Fernando

Длительность: 3:50
Год: 2001
Скачать MP3

Текст песни

පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැඳෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙන හිරු

පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැඳෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙන හිරු

කුසගිනි හැදුනට ඉඳුල් නොකව්
තණකොළ නොබුදිති සිංහ පැටවු
කුසගිනි හැදුනට ඉඳුල් නොකව්
තණකොළ නුබුදිති සිංහ පැටවු

කොඳ මල් නොපිපෙයි ගිරි මුදුනේ
ගව තෙල් නො දමයි රන් බඳුනේ
කොඳ මල් නොපිපෙයි ගිරි මුදුනේ
ගව තෙල් නො දමයි රන් බඳුනේ

පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැඳෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙන හිරු

ගැයුවට ඉමිහිරි පද උපුටා
කොවුලෙකු වෙනවද කලු කපුටා
ගැයුවට ඉමිහිරි පද උපුටා
කොවුලෙකු වෙනවද කලු කපුටා

සුදු පැහැ හැරියේ කවුද කිරේ
මුතු නොබඳිති ගිරවියගෙ කරේ
සුදු පැහැ හැරියේ කවුද කිරේ
මුතු නොබඳිති ගිරවියගෙ කරේ

පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැඳෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙන හිරු

පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැඳෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙන හිරු