Sigiri Sukumaliye

Sigiri Sukumaliye

Priyantha Fernando

Длительность: 3:19
Год: 2001
Скачать MP3

Текст песни

සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ
මතකද අපි පාවුණා පෙම් අම නදියේ
ලස්සන ඔබේ රූපයේ නෙත සිත බැඳුනේ
නාමය ශ්රී ලංකාවේ රැව් දෙන්නේ ඔබගෙනි සොඳුරේ

අතකින් මල් දරාලා, හසරැලි පාලා
සුසිනිඳු සළු ඔතාලා, විලවුන් ගාලා
ගෝමර පෙති විදාලා, දිස්නය දීලා
ආදරයෙන් උන් කාලේ, මේ දෑසේ සිතුවම් වීලා

සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ
මතකද අපි පාවුණා පෙම් අම නදියේ
ලස්සන ඔබේ රූපයේ නෙත සිත බැඳුනේ
නාමය ශ්රී ලංකාවේ රැව් දෙන්නේ ඔබගෙනි සොඳුරේ

ඔබේ රුව නැත මැකීලා, කල් ගතවීලා
මුළු දෙනෙතින් බලාලා, සිත සැනසීලා
ජන කවියක් ගොතාලා, කව් පද මාලා
ගී විලසින් මං ගයමි රන්වන් වූ හද සපුරාලා

සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ
මතකද අපි පාවුණා පෙම් අම නදියේ
ලස්සන ඔබේ රූපයේ නෙත සිත බැඳුනේ
නාමය ශ්රී ලංකාවේ රැව් දෙන්නේ ඔබගෙනි සොඳුරේ